පසුගිය දෙසැම්බර් 14 වනදා බොන්ඩායි බීච්හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේදී, තම ජීවිතය පරදුවට තබමින් තුවක්කුකරුවෙකු මෙල්ල කර වීරයෙකු බවට පත් වූ අහමඩ් අල් අහමඩ්ට එරෙහිව පවරා තිබූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනා ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියානු පොලීසිය තීරණය කර තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේදී Bankstownහි පිහිටි නිවසකදී සිය පියාට පහරදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් 44 හැවිරිදි අහමඩ් අල් අහමඩ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.
කෙසේ වෙතත්, මුල සිටම තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළ අහමඩ්, මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.
මෙම නඩුව අද Bankstown Local Court හි නැවත කැඳවීමට නියමිතයි.
එහිදී අහමඩ්ට එරෙහිව නගා තිබූ සියලු චෝදනා ඉවත් කරගැනීමට පොලීසිය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.









