උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානුවන්ගේ පාරිභෝගික විශ්වාසය මේ සතියේත් විශාල වෙනසක් නොපෙන්වා 75ක මට්ටමේ පවතින බව ANZ-Roy Morgan නවතම දත්ත පෙන්වා දෙනවා.

අගෝස්තු 4 සිට 10 දක්වා සිදුකළ සමීක්ෂණයට අනුව Consumer Confidence දර්ශකය පසුගිය සතියට සාපේක්ෂව ලකුණු 0.3කින් පමණක් ඉහළ ගොස් ඇති අතර, එය 2026 වසරේ සතිපතා සාමාන්‍යයට වඩා ලකුණු 3කින් ඉහළ මට්ටමක් වනවා.

Banner 01

කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාලයේ පැවති 89.3ක අගය සමඟ සසඳන විට මේ වසරේ Consumer Confidence ලකුණු 14.3කින් පහළ ගොස් තිබීම විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

Advertisement

තම පවුල පසුගිය වසරට සාපේක්ෂව මූල්‍යමය වශයෙන් වඩා හොඳ තත්ත්වයක සිටින බව පවසන්නේ සියයට 16ක් පමණක් වන අතර, සියයට 51ක් තම පවුල මූල්‍යමය වශයෙන් වඩා නරක තත්ත්වයක සිටින බව පවසනවා.

එමෙන්ම ඉදිරි මාස 12 තුළ තම පවුලේ මූල්‍ය තත්ත්වය වඩා නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන පිරිස සියයට 39ක් වන අතර, ප්‍රධාන ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට වර්තමානය හොඳ අවස්ථාවක් නොවන බව පවසන පිරිස සියයට 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Advertisement

විශේෂයෙන්ම mortgage ගෙවන පවුල් අතර Consumer Confidence පහළ ගොස් ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාමත් පවුල්වල මූල්‍ය අපේක්ෂාවන්ට බලපා ඇති බව ANZ ආර්ථික විශ්ලේෂණයෙන් පෙන්වා දෙනවා.

ඒ අනුව පොලී අනුපාත, ජීවන වියදම සහ ඉන්ධන මිල වැනි කරුණු හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් තවමත් තම වියදම් සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගතව සිටින බව මෙම නවතම Consumer Confidence දත්තවලින් පැහැදිලි වනවා.


උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අනාගත මූල්‍ය තත්ත්වය ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ බිය වැඩිවෙයි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom