Services Australia විසින් භාවිතයට ලබාදී තිබූ Express Plus Child Support mobile app එක ඉදිරියේදී විශ්‍රාම ගැන්වීමට නියමිත අතර, Child Support සම්බන්ධ කටයුතු සඳහා පරිශීලකයන්ට myGov හරහා Child Support online account වෙත පිවිසීමට හැකි බව දැනුම් දී තිබෙනවා.
දැනට Express Plus Child Support app එක හරහා ගෙවීම් ලැබිය යුතු දිනය සහ මුදල පරීක්ෂා කිරීම, ගෙවිය යුතු මුදල් බැලීම, ආදායම් තොරතුරු යාවත්කාලීන කිරීම, ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාදීම, Child Support assessment තොරතුරු පරීක්ෂා කිරීම සහ ලේඛන upload කිරීම වැනි සේවා ලබාගත හැකියි.
කෙසේ වෙතත්, App එක භාවිත කිරීමට නොහැකි වූ පසුවද Child Support සේවා අහිමි වන්නේ නැහැ. Services Australia පවසන්නේ ජංගම දුරකථනයක web browser එකක් හෝ පරිගණකයක් භාවිත කරමින් myGov වෙත පිවිස Child Support online account හරහා එම සේවා ලබාගත හැකි බවයි.
ඒ සඳහා පරිශීලකයන්ට Child Support account එක තම myGov account එක සමඟ link කර තිබිය යුතුයි.
එමෙන්ම, Child Support online account හරහා ආදායම් තොරතුරු, බැංකු ගිණුම් සහ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කිරීම මෙන්ම අවශ්‍ය ලේඛන online upload කිරීමද සිදු කළ හැකියි.
ඒ අනුව, Express Plus Child Support app එක භාවිත කරන දෙමාපියන් සහ Child Support පරිශීලකයන්, ඉදිරියේදී තම කටයුතු myGov online account හරහා සිදු කිරීමට සූදානම් වීම වැදගත් බව Services Australia දැනුම් දෙනවා.









