නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයේ වෛරී ප්‍රකාශ (Hate Speech) සම්බන්ධ නීති තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට Minns Labor රජය තීරණය කර තිබෙනවා.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු John Sackar විසින් සකස් කරන ලද ස්වාධීන වාර්තාවක් මගින් මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබුණා.
වත්මන් NSW නීතියට අනුව, ජාතිය, ආගම, ලිංගික අනුරූපතාව සහ HIV ආසාදිතභාවය වැනි කරුණු මත පදනම්ව යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව Inciting Violence අපරාධමය වරදක් වනවා.
නමුත් Inciting Hatred සම්බන්ධ නීතිමය ආරක්ෂාව හිමිවන්නේ ජාතිවාදී පදනමින් සිදුවන ප්‍රකාශවලට පමණයි.
John Sackarගේ වාර්තාව මගින් නිර්දේශ කර තිබුණේ, මෙම නීතිය වෙනස් කොට ආගම, ලිංගික අනුරූපතාව, ආබාධිත බව සහ LGBTIQA+ ප්‍රජාව ඇතුළු අනෙකුත් සංවේදී කණ්ඩායම් ද වෛරී ප්‍රකාශවලින් ආරක්ෂා වන පරිදි නීතිය සකස් කළ යුතු බවයි.
එවැනි වෙනසක් සිදු නොවීම සමාජීය අසමගියට හේතු වන බව ද එම වාර්තාවේ සඳහන් වුණා.
කෙසේ වෙතත්, නීතිපති Michael Daley ප්‍රකාශ කළේ මෙම නීති පුළුල් කිරීම මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික නිදහස සම්බන්ධයෙන් සංකීර්ණ ගැටලු මතුවන බැවින් එම යෝජනාව ක්‍රියාත්මක නොකරන බවයි.
මේ අතර මාස 7ක පමණ කාලයක් තිස්සේ මෙම වාර්තාව ප්‍රසිද්ධ නොකර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් Greens පක්ෂය ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් රජයට දැඩි ලෙස චෝදනා කර සිටිනවා.
මෙම තීරණය හේතුවෙන් අසාධාරණයට ලක්වන සුළුතර කණ්ඩායම්වලට සිදුවන බලපෑම තවත් වැඩිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.









