වික්ටෝරියා නව අගමැති Ben Carroll විසින් නව Cabinet මණ්ඩලය ප්‍රකාශයට පත් කරමින් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය 22 සිට 20 දක්වා අඩු කර තිබෙනවා.
Colin Brooks නව භාණ්ඩාගාරික සහ කාර්මික සබඳතා අමාත්‍ය ලෙස පත් කර ඇති අතර, Paul Edbrookeට Police, හදිසි සේවා, අපරාධ වැළැක්වීම සහ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුර ලබාදී තිබෙනවා.
එමෙන්ම Victoria ඉතිහාසයේ ප්‍රථම වරට කෘතිම බුද්ධිය සහ ඩිජිටල් ආර්ථිකය සඳහා වෙනම අමාත්‍ය ධුරයක් හඳුන්වාදී ඇති අතර, එම වගකීම Anthony Carbinesට පැවරී තිබෙනවා.
අගමැති Ben Carroll පවසන්නේ මෙම වෙනස්කම් මගින් බදු ගෙවන්නන්ගේ මුදල් ඉතිරි කරමින්, ජීවන වියදම, මහජන ආරක්ෂාව, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු කරන බවයි.
නව Cabinet මණ්ඩලය ඉදිරි කාලයේ Victoria රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තීරණාත්මක භූමිකාවක් ඉටු කිරීමට නියමිතයි.
මෙම අමාත්‍ය මණ්ඩල වෙනස්කම් මගින් Ben Carrollගේ නව නායකත්වය යටතේ රජයේ ප්‍රමුඛතා සහ පාලන දිශාව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.









