2026 Commonwealth Games තරගාවලිය පැවැත්වීමේ සත්කාරකත්වය Victoria ප්‍රාන්තයෙන් ඉවත් කළ තීරණය සම්බන්ධයෙන්, Victoria ප්‍රාන්ත අගමැති Jacinta Allan පළමු වරට ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
එම තීරණය හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් බලාපොරොත්තු කඩවූ බව තමන් පිළිගන්නා බව ඇය සඳහන් කළා.
තරගාවලිය පැවැත්වීම සඳහා ඇස්තමේන්තුගත වියදම ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 6ක් පමණ දක්වා ඉහළ යාම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ බවයි ඇය අවධාරණය කළේ.
ඒ වෙනුවට නිවාස, ක්‍රීඩා යටිතල පහසුකම් සහ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට රජය තීරණය කළ බවද Jacinta Allan පවසනවා.
කෙසේ වෙතත්, හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු මෙම සමාව ප්‍රමාද වැඩි බව පවසමින් තීරණය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
2026 Commonwealth Games තරගාවලිය මේ වන විට ස්කොට්ලන්තයේ Glasgow නගරයේදී පැවැත්වීමට නියමිතයි.









