ඔස්ට්‍රේලියාවේ Islamophobia තත්ත්වය පිළිබඳ විශේෂ නියෝජිත Aftab Malik විසින් ඉදිරිපත් කළ වාර්තාවට, මාස 10කට පසුව Albanese රජය නිල ප්‍රතිචාරය නිකුත් කර තිබෙනවා.
නිර්දේශ 54ක් ඇතුළත් වාර්තාවෙන් 35ක් සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දක්වා ඇති අතර, Islamophobia වැළැක්වීම සඳහා මාස 12ක Islamophobia Education Taskforce එකක් පිහිටුවීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
පාසල් විෂයමාලා සමාලෝචනය කර ආගමික සහ වාර්ගික ඉවසීම ශක්තිමත් කිරීම, නව multicultural grants ලබාදීම, Muslim කාන්තාවන් සඳහා mental health support වැඩි කිරීම සහ Australian Federal Police community liaison teams පුළුල් කිරීම ද යෝජිත ක්‍රියාමාර්ග අතරට අයත් වනවා.
කෙසේවෙතත්, ත්‍රස්තවාදය නිර්වචනය කරන Federal laws වෙනස් කිරීම සහ anti-Palestinian හා anti-Arab racism පිළිබඳ විශේෂ inquiry එකක් පැවැත්වීම සඳහා වූ ඉල්ලීම් රජය පිළිගෙන නැහැ.
අගමැති Anthony Albanese පවසන්නේ වාර්තාව ස්වාධීන උපදෙස් මාලාවක් වන අතර, සියලුම නිර්දේශ ස්වයංක්‍රීයව පිළිගැනීමට රජය බැඳී නොසිටින බවයි.
මේ අතර ක්‍රියාත්මක නොවූ නිර්දේශ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවයි විශේෂ නියෝජිත Aftab Malik සඳහන් කර ඇත්තේ.









