උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයන්ගේ දැඩි බලාපොරොත්තුවක් වූ “ක්‍රිකට් සාදු” ප්‍රදර්ශනයට සූදානම්

ශ්‍රී ලාංකික සිනමා ලෝලීන් අතර මේ වන විට විශාල කතාබහට ලක්ව ඇති “ක්‍රිකට් සාදු” චිත්‍රපටය ඉතා ඉක්මනින්ම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිනමාහල්වල තිරගත කිරීමට සියලු කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

Banner 01

මෙම චිත්‍රපටයේ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත නිල බෙදාහැරීමේ කටයුතු Mega Live Events ආයතනය විසින් සිදුකරන අතර, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකික සිනමාපට රැසක් සාර්ථකව ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත රැගෙන ගිය එම ආයතනය තවත් දැවැන්ත සිනමා අත්දැකීමක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටිනවා.

Advertisement

ක්‍රිකට් ක්‍රීඩාව සහ මනුෂ්‍ය සබඳතා, සිහිනයන්, අරගලය සහ ජයග්‍රහණය එකට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති “ක්‍රිකට් සාදු”, ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශගත ශ්‍රී ලාංකිකයන් අතරද විශාල උනන්දුවක් දිනාගෙන ඇති සිනමාපටයක් ලෙස සැලකේ.

මෙවර ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය සඳහා මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බන්, පර්ත්, ඇඩිලේඩ්, කැන්බරා, ටස්මේනියා ඇතුළු ප්‍රධාන නගර රැසක වගේම Ballarat, Bendigo, Albury, Geenhills, Toowoomba වැනි regional නගර වලත් තිරගත කිරීමට නියමිත අතර, නවසීලන්තයේ ප්‍රධාන නගර සියල්ලේම එකවර ප්‍රදර්ශන සංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

චිත්‍රපටය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය මේවනවිට ආරම්භ කර ඇති අතර, පසුගිය ශ්‍රී ලාංකික සිනමා ප්‍රදර්ශනවලදී බොහෝ දර්ශන වාර ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම අලෙවි වූ බැවින්, ප්‍රේක්ෂකයන්ට ප්‍රවේශපත්‍ර කල්තියාම වෙන්කරවා ගැනීමට Mega Live Eventa ආරාධනා කරනවා.

විදේශගත ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මව්බිමේ සිනමා රසය නැවතත් සමීප කරවන තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස “ක්‍රිකට් සාදු” ඕස්ට්‍රේලියානු සිනමා දින දර්ශනයේ සුවිශේෂී සටහනක් තබනු ඇති බවයි සිනමා ක්ෂේත්‍රයේ විශ්වාසය වන්නේ.

ප්‍රවේශපත්‍ර: http://www.MegaLive.Events


උණුසුම් පුවත්

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ප්‍රථම වරට ක්‍රිකට් සහ ආගම එකට එක්කල චිත්‍රපටයක් ඔස්ට්‍රේලියාවට

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom