Melbourne ඇතුළු Victoria ප්‍රදේශවල online හරහා පාවිච්චි කළ වාහන මිලදී ගන්නා පුද්ගලයන් ඉලක්ක කරගෙන බලපත්‍ර නොමැති car traders ක්‍රියාත්මක වන බව Consumer Affairs Victoria විසින් කළ නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
එම වාර්තාවට අනුව, මෙම නීතිවිරෝධී වෙළෙඳුන් auction හරහා විශාල ප්‍රමාණයෙන් used vehicles මිලදීගෙන, ඒවා social media platforms හරහා වැඩි මිලකට නැවත අලෙවි කරන බවයි හඳුනාගෙන ඇත්තේ.
විශේෂයෙන්ම, ඔවුන් තමන්ව සාමාන්‍ය private seller කෙනෙකු ලෙස පෙන්වා වාහන විකුණන බවට පාරිභෝගිකයන්ට අනතුරු අඟවා තිබෙනවා.
පරීක්ෂා කළ වාහනවලින් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක දැන්වීම්වල සඳහන් කර තිබූ odometer (කිලෝමීටර් ගණන) අගය auction එකේ අවසන් වාර්තාවට වඩා අවම වශයෙන් කිලෝමීටර් 25,000කින් අඩු බවද හෙළි වී තිබෙනවා.
Consumer Affairs Victoria පවසන්නේ private seller කෙනෙකුගෙන් වාහනයක් මිලදී ගැනීමේදී buyer කෙනාට නීතිමය warranty එකක්, cooling-off period එකක් සහ vehicle history guarantee එකක් නොලැබිය හැකි බවයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා Victoria රජය motor car trading නීති තවත් ශක්තිමත් කිරීමට නව ප්‍රතිසංස්කරණ යෝජනා කර ඇති අතර, statewide crackdown වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා.
ඒ අනුව, online හරහා used car එකක් මිලදී ගැනීමට පෙර seller ගේ බලපත්‍ර තත්ත්වය, වාහන ඉතිහාසය සහ කිලෝමීටර් වාර්තා හොඳින් පරීක්ෂා කරන ලෙස Victorian පාරිභෝගිකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.









