ඔස්ට්රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas, 2026 ජූනි මාසය සඳහා ලෝකයේ වෙලාවටම පියාසර කළ (Most Punctual) ගුවන් සේවය ලෙස OAG ජාත්යන්තර ගුවන් දත්ත ආයතනය විසින් නම් කර තිබෙනවා.
ජූනි මාසයේ පියාසර කළ ගුවන් ගමන් 22,000කට වැඩි සංඛ්යාවක් ඇගයීමට ලක් කළ අතර, ඉන් 80%කට වැඩි ප්රමාණයක් නියමිත වේලාවට ගමන් ආරම්භ කර හෝ ළඟා වී තිබෙනවා.
මෙය පසුගිය මාස කිහිපය පුරා Qantas ලබාගත් කාර්යසාධනයේ තවත් විශාල ඉදිරි පියවරක් ලෙස සැලකෙනවා.
Qantas ප්රධානීන් පවසන්නේ නව ගුවන් යානා, ඉංජිනේරු සේවා, ගුවන් තොටුපොළ මෙහෙයුම් සහ පාරිභෝගික සේවා සඳහා සිදු කළ ආයෝජනවල ප්රතිඵල දැන් දක්නට ලැබෙන බවයි.
මේ අතර, Western Sydney International Airport වෙත Qantas හි පළමු භාණ්ඩ ප්රවාහන ගුවන් යානයද සාර්ථකව ගොඩබස්වා ඇති අතර, නිත්ය භාණ්ඩ ප්රවාහන සේවා ජූලි 27 සිට ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම 2027 වසරේ සිට Sydney – London Project Sunrise යටතේ ලෝකයේ දීර්ඝතම නොනවතින මගී ගුවන් ගමන ආරම්භ කිරීමටද Qantas සූදානම් වනවා.
මෙම ජයග්රහණය Qantas සමාගමට මෙන්ම ඔස්ට්රේලියානු ගුවන් සේවා ක්ෂේත්රයටද ජාත්යන්තර මට්ටමේ වැදගත් පිළිගැනීමක් ලෙස සැලකෙනවා.









