මෙල්බන්හි ඩැන්ඩිනොන්ග් සවුත් ප්‍රදේශයේ විවෘත කළ ඔස්ට්‍රේලියාවේ පළමු Wendy’s Drive-Thru අවන්හල එහි පළමු සතියේම ගෝලීය වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
Wendy’s සමාගම පවසන්නේ එය ලොව Wendy’s අවන්හල් අතර මෙතෙක් වාර්තා වූ සාර්ථකම ආරම්භක සතිය බවයි.
පළමු සතිය තුළ බර්ගර් 20,000කට ආසන්න සංඛ්‍යාවක්, චිකන් ටෙන්ඩර්ස් 30,000ක් සහ Frosty අයිස්ක්‍රීම් 6,500ක් පමණ අලෙවි කර තිබෙනවා.
මෙම නව අවන්හල වික්ටෝරියාවේ Drive-Thru සේවාව සහිත Wendy’s හි පළමු ශාඛාව වන අතර, මෙරට ව්‍යාප්තියේ වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
මෙම සාර්ථකත්වයත් සමග වික්ටෝරියාව සහ ක්වීන්ස්ලන්ඩ් පුරා තවත් Wendy’s අවන්හල් විවෘත කිරීමේ සැලසුම්ද ඉදිරියට ගෙන යන බවයි වාර්තා වන්නේ.
Flynn Group Asia Pacific සභාපති රිචඩ් වොලිස් පවසන්නේ, ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයන් Wendy’s සන්නාමය ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇති බව මෙම ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බවයි.
තවද, Wendy’s සමාගම ඉදිරි වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාව පුරා අවන්හල් 200ක් දක්වා ව්‍යාප්ත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.









