Meta සමාගම පෞද්ගලිකත්වය පිළිබඳ දැඩි විවේචන හේතුවෙන් Instagram සඳහා හඳුන්වා දුන් නව AI විශේෂාංගයක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම පහසුකම මඟින් පරිශීලකයන්ගේ Public Instagram ඡායාරූප භාවිත කර AI මඟින් නව රූප නිර්මාණය කිරීමට සහ ඒවා සංස්කරණය කිරීමට හැකියාව තිබුණා.
කෙසේ වෙතත්, මෙම විශේෂාංගය බොහෝ පරිශීලකයන් සඳහා ස්වයංක්‍රීයව සක්‍රීය (Opt-in) කර තිබීම නිසා පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.
SAG-AFTRA නළු නිළියන්ගේ වෘත්තීය සමිතියද පවසන්නේ පරිශීලකයාගේ පැහැදිලි කැමැත්තකින් තොරව ඔවුන්ගේ ඡායාරූප AI සඳහා භාවිත කිරීම පිළිගත නොහැකි බවයි.
එම විවේචන සැලකිල්ලට ගත් Meta සමාගම මෙම AI පහසුකම ඉවත් කරන බව නිවේදනය කළා.
තාක්ෂණික සමාගම් AI භාවිතයේදී පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සහ කැමැත්තට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි මෙම සිදුවීම නැවත නැවතත් අවධාරණය කරන්නේ.









