ඇමරිකාව සහ ඉරානය අතර පැවති සටන් විරාමය මේ වන විට අවසන් වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
පර්සියානු ගල්ෆ් මුහුදේ ඉරාන නෞකා ඉලක්ක කරමින් ඇමරිකානු හමුදාව නව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තෙල් නෞකා ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම මෙහෙයුම සිදු කළ බව වාර්තා වනවා.
ට්‍රම්ප් ඉරානය දැඩි ලෙස විවේචනය කරමින් ඔවුන් සමඟ තවදුරටත් ගනුදෙනු කිරීම කාලය නාස්ති කිරීමක් බවද සඳහන් කළා.
කෙසේ වෙතත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම සාකච්ඡා නියෝජිතයන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවද ඔහු කියාසිටියා.
මෙම තත්ත්වය සම්පූර්ණ යුද්ධයක් දක්වා වර්ධනය වේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැහැ.
මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මේ වන විට ලෝකයේම දැඩි අවධානය යොමුව තිබෙනවා.









