ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති වූ සටන්විරාම ගිවිසුමත් සමඟ, මැදපෙරදිග රටවල් කිහිපයක් සඳහා පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව බහරේනය, ඊශ්‍රායලය, කුවේටය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් සඳහා මෙතෙක් පනවා තිබූ ‘Do Not Travel’ හෙවත් සිව්වන මට්ටමේ දැඩි සංචාරක තහනම, ‘Reconsider your need to travel’ යන 3වන මට්ටම දක්වා පහත හෙළීමටයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඊශ්‍රායලයේ ඇතැම් ප්‍රදේශ සඳහා තවදුරටත් ‘Do Not Travel’ යන උපරිම අනතුරු ඇඟවීමේ මට්ටම ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය Penny Wong අවධාරණය කරනවා.
මේ අතර මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන සංචාර කල් දමන ලෙසයි ඕස්ට්‍රේලියානු රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ගුවන් ගමන් සංක්‍රමණික (Transit) මගීන් හැකි උපරිම කෙටි කාලයක් පමණක් ගුවන් තොටුපළවල රැඳී සිටින ලෙස ද උපදෙස් දී තිබෙනවා.









