ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණයෙකු වන Neth Dharmasiri, Queensland Young Achiever Awards හි People’s Choice Award සඳහා අවසන් වටයට තේරී පත්ව තිබෙනවා.
Thadus CodeLabs ආයතනය නියෝජනය කරන ඔහු, Awards Australia Foundation Connecting Communities Award කාණ්ඩයෙන් අවසන් තරගකරුවෙකු ලෙසයි නම් කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් දහස් ගණනකට නොමිලේ Coding අධ්‍යාපනය ලබාදීම සඳහා Thadus CodeLabs හරහා සිදු කළ සුවිශේෂී සේවය වෙනුවෙන් ඔහු මෙම ඇගයීමට ලක්ව තිබෙන බව සඳහන්.
මෙම සම්මාන වැඩසටහනේ අරමුණ වන්නේ තරුණයින්ගේ සුවිශේෂී ජයග්‍රහණ හඳුනාගෙන ඔවුන්ගේ දායකත්වය සමාජයට වඩාත් සමීප කිරීමයි.
People’s Choice Award ජයග්‍රාහකයා ජනතා ඡන්දයෙන් තෝරාගනු ලබන අතර, ජයග්‍රාහකයාට විශේෂ ඇගයීමක් හිමි වනු ඇති.
ජනතා ඡන්ද විමසීම 2026 ජූනි 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන අතර, එක් පුද්ගලයෙකුට දිනකට එක් වරක් බැගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව, ශ්‍රී ලාංකික නියෝජිතයාට සහයෝගය දැක්වීමට දිනපතාම ඡන්දය ලබා දිය හැකියි.
ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන් සඳහාද විශේෂ අවස්ථාවක් ලබාදී ඇති අතර, නම සහ ඊමේල් ලිපිනය ඇතුළත් කරන අය අතරින් එක් අයෙකුට ඩොලර් 2,000කට අධික වටිනාකමකින් යුත් Personal Brand Transformation ත්‍යාගයක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වනවා.
ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ Neth Dharmasiri වෙත සිය සහයෝගය පළ කරමින් People’s Choice Award සම්මානය දිනා ගැනීමට ඡන්දය ලබා දෙන ලෙසයි.
ඔබේ එක් ඡන්දයක් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවක තවත් ඉහළට ඔසවා තැබීමට දායක විය හැකි වනවා.
මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් 2026 ජූනි 19 වැනිදා Brisbane හි පැවැත්වෙන Queensland Young Achiever Awards උත්සවයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
2026 7NEWS Young Achiever Awards QLD – People’s Choice Award හරහා දැන් ඔබටත් Neth Dharmasiri වෙනුවෙන් ඡන්දය ලබාදිය හැකියි.









