Cricket Australia ආයතනය 2026–2027 පිරිමි ජාත්‍යන්තර Summer තරගාවලිය සඳහා pre-sale ටිකට් අවස්ථාව ආරම්භ කර තිබෙනවා.
මෙම විශේෂ pre-sale කාලය අද සිට සිට ජූනි 14 දක්වා පැවැත්වෙන අතර CricketPlus සාමාජිකයින්ට පමණක් එයට ප්‍රවේශය හිමිවන බවටයි සදහන් .
CricketPlus සාමාජිකත්වය නොමිලේ ලබාගත හැකි අතර, www.cricket.com.au/cricketplus වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකි බවටයි වාර්තා වන්නේ .
මෙම pre-sale කාලය තුළ ටිකට් මිල අඩුම අගයෙන් ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, පසුව එම මිල ගණන් සාමාන්‍ය විකුණුම් සඳහා ඉහළ යනු ඇතයි සදහන් .
සාමාන්‍ය මහජන ටිකට් විකුණුම් ජූනි 15 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙවර Summer හි විශේෂත්වය වන්නේ 2003 න් පසු බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් සංචාරයක් සඳහා පැමිණීමයි.
එමෙන්ම එංගලන්තය හා නවසීලන්තය සමඟද ක්‍රිකට් තරගාවලි රැසක් පැවැත්වීමට නියමිත බව Cricket Australia සඳහන් කර තිබෙනවා.









