Queensland ප්‍රාන්තයේ Maryborough ප්‍රදේශයේ පාසලකට ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැක කෙරෙන 13 හැවිරිදි සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසින් ව්‍යාපාරයකට තර්ජන කළ බවටද පසුගිය කාලයේ වාර්තා වී ඇති අතර, ඒ අනුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිවසෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා.
බලධාරීන් පවසන්නේ මෙය සැලසුම් කළ “බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක්” බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ වනවිට ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන කරමින් සිටිනවා.









