ඕස්ට්‍රේලියානු සංචාරක සමාගමක් වන Luxury Escapes තම පළමු “Travel Tester” තනතුර සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා .
තෝරාගන්නා පුද්ගලයාට ඇමෙරිකානු ඩොලර් 50,000ක් පමණ වටිනා සංචාරක පැකේජයක් හිමිවන බවටයි සදහන් .
එම සංචාරයට Sri Lanka, Maldives සහ ඕස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී නිවාඩු නිකේතන කිහිපයක් ඇතුළත් වනවා.
ජයග්‍රාහකයාට තමන් සමඟ තවත් එක් අයෙකු ද රැගෙන යා හැකියි.
ඔහු හෝ ඇය ගුවන් ගමන්, නවාතැන් සහ සංචාරක අත්දැකීම් ඇගයීමට ලක් කර සමාජ මාධ්‍ය සඳහා අන්තර්ගත නිර්මාණය කළ යුතු වනවා.
සංචාරයට ආදරය කරන ඕස්ට්‍රේලියානුවන් අතරින් මේ සඳහා දැඩි උනන්දුවක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.









