ඔස්ට්‍රේලියාවේ “Negative Gearing” කියන දේපළ බදු සහනය වසර 40කට පසු වෙනස් කිරීමට රජය සූදානම් වන බවට වාර්තා පළවනවා.
Negative Gearing කියන්නේ, නිවසක් හෝ දේපළක් මිලදී ගත් ආයෝජකයෙකුට එම දේපළෙන් ලැබෙන ආදායමට වඩා ණය පොලී වැනි වියදම් වැඩි වූ විට, එම පාඩුව බදු අඩු කරගැනීමට භාවිතා කළ හැකි ක්‍රමයක්.
මෙම බදු සහනය නිසා දේපළ ආයෝජනය කිරීමට වැඩි උනන්දුවක් ඇති වූ අතර, විශේෂයෙන් නිවාස මිල ඉහළ යාමෙන් ලාභ ලබාගැනීමට ආයෝජකයන් උත්සාහ කළ බව විවේචකයන් පවසනවා.
කෙසේ වෙතත්, මෙම ක්‍රමය නිසා පළමු නිවසක් මිලදී ගැනීමට උත්සාහ කරන සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් සිදුවන බවටයි චෝදනා කරන්නේ.
එයට විරුද්ධව කතා කරන පිරිස් පවසන්නේ, Negative Gearing සහ Capital Gains Tax Discount වැඩි වශයෙන් වාසි ලබා දෙන්නේ ආයෝජකයන්ට බවයි.
නමුත් නිවාස කර්මාන්තයට සම්බන්ධ පිරිස් අනතුරු අඟවන්නේ, මෙම බදු සහන අඩු කළහොත් කුලී නිවාස අර්බුදය තවත් වැඩි විය හැකි බවයි.
Treasurer Jim Chalmers විසින් මැයි 12 දින ඉදිරිපත් කරන ෆෙඩරල් අයවැයෙන් මේ පිළිබඳ වෙනස්කම් ප්‍රකාශයට පත් කළ හැකි බවට අපේක්ෂා කරනවා.









