පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ජනතාවට ඇතිවන පීඩනය ගැන තමන් අවබෝධයෙන් සිටින බව RBA ප්‍රධානියා Michele Bullock පවසනවා.
ඇය සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සහ පොලී අනුපාත ඉහළ යාම එකට එකතු වීමෙන් ජනතාවට “තුන් ගුණයක පීඩනයක්” (triple whammy) ඇතිවන බවයි.
නිවාස ණය ගෙවන අයට මෙය දුෂ්කර ආරංචියක් බව වැටහෙන බවත් ඉන්ධන මිල ඉහළ යාම තවමත් ගැටලුවක් වී ඇති බවත් ඇය පැවසුවා.
පොලී අනුපාත ඉහළ නොදැමුවොත් තත්ත්වය තවත් දීර්ඝ කාලීනව බරපතළ විය හැකි බැවින් පොලී අනුපාතය ඉහළ දැමීමට සිදුවූ බවයි සංචිත බැංකු ප්‍රධානී වැඩිදුරටත් කියාසිටියේ.
ඉන්ධන මිල ඉහළ යාමෙන් සැපයුම් දාමයට බලපෑම් ඇති වන අතර ව්‍යාපාර වියදම් වැඩිවීමෙන් භාණ්ඩ මිල තවත් ඉහළ යාම සිදුවෙයි.
එමඟින් උද්ධමනය තවත් පාලනයෙන් තොරවිය හැකි බවයි මිෂෙල් බුලොක් පෙන්වාදෙන්නේ.
ඒ හේතුවෙන් දැන් ක්‍රියා නොකළහොත්, එය අනාගතයේ තවත් බරපතළ වන බවයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ.









