ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විපක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන The Nationals ෆෙඩරල් නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කළා.
පස්වරුවේ කැන්බරා නුවරදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමා දැඩි වෙහෙසට පත්ව සිටින බැවින් නායකත්වයෙන් ඉවත්ව නව නායකයෙකුට අවස්ථාව ලබා දීමට මෙය සුදුසුම කාලය බවයි.
වසර හතරකට ආසන්න කාලයක් පක්ෂය මෙහෙයවූ ඔහු, පසුගිය කාලසීමාව තුළ විපක්ෂ සන්ධානය මුහුණ දුන් අභ්‍යන්තර අර්බුද හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටියා.
කෙසේ වෙතත්, තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් නොවන බවයි ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් පැවසුවේ.
ඉදිරියේදී පක්ෂය ගන්නා තීරණ මත ඕනෑම තනතුරක් දැරීමට සූදානම් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ Nationals පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.









