මෙරට විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නව ඩ්‍රෝන තාක්ෂණයක් භාවිත කරමින් මුහුදු සතුන්ට සිදුවන අනතුරු හඳුනාගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
Monash University සහ Phillip Island Nature Parks ආයතනවල පර්යේෂකයින් විසිනුයි මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ.
මෙහිදී වර්ණ කැමරා (RGB) සහ තාප-අධෝරක්ත (Thermal Infrared) තාක්ෂණය ඇති ඩ්‍රෝන යන්ත්‍ර භාවිත කරමින් මුහුදේ ජීවත්වන ඕස්ට්‍රේලියානු ලොම් සීල් (Australian fur seals) සතුන් පරීක්ෂා කර තිබෙනවා.
මෙම තාක්ෂණය මඟින් මසුන් අල්ලන නූල් හෝ මුහුදු අපද්‍රව්‍යවලට සිරවී ඇති සීල් සතුන්ට ඇති වූ තුවාල, මෝරුන්ගේ දළ ප්‍රහාර වැනි තුවාල යනාදිය උෂ්ණත්ව වෙනස්කම් හරහා පහසුවෙන් හඳුනාගත හැකි බවයි පර්යෂකයින් පවසන්නේ.
පර්යේෂණය සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි Seal Rocks ප්‍රදේශයේ වන සීල් සතුන්ගේ විශාල ජනාවාසයකදීයි.
මෙය ලොව විශාලතම Australian fur seal ප්‍රජනන ස්ථාන අතර එකක් ලෙසයි සැලකෙන්නේ.
පර්යේෂකයන් පවසන්නේ මෙම නව ඩ්‍රෝන තාක්ෂණය මඟින් අවදානම් ඇති සතුන් ඉක්මනින් හඳුනාගැනීම, ඔවුන් බේරා ගැනීම සහ මුහුදු අපද්‍රව්‍ය ප්‍රශ්නය කොපමණ බරපතලද යන්න හඳුනාගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙන බවයි.
මෙම ක්‍රමය දකුණු අප්‍රිකාවේ Cape fur seals සතුන් සඳහාද සාර්ථකව පරීක්ෂා කර තිබෙන අතර, ඉදිරියේදී මුහුදු පරිසර සංරක්ෂණයේ වැදගත් මෙවලමක් බවට පත්වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.









