Australian Federal Police සහ Victoria Police එක්ව සිදු කළ දිගුකාලීන විමර්ශනයකින් පසු child abuse material බෙදාහරින අන්තර්ජාල කණ්ඩායමක් වසා දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් Victoria ප්‍රදේශයේ පිරිමින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වසර දෙකකට අධික කාලයක් පැවති මෙම විමර්ශනයෙන් ළමා අපයෝජන රූප 65,000කට වැඩි ප්‍රමාණයක් සහ පැය 300කට අධික වීඩියෝ ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම ද්‍රව්‍ය අතර ළදරුවන් සහ කුඩා දරුවන්ට සිදුකරන බරපතල අපයෝජන නිරූපණය වන දර්ශනද තිබූ බව සඳහන්.
පොලිසිය පවසන්නේ මෙම කණ්ඩායමේ සාමාජිකයින් සංකේතාත්මක පණිවිඩ යෙදුම් භාවිතා කරමින් ළමා අපයෝජන ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි බවයි.
විමර්ශනය අතරතුර ඔවුන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව අපරාධ 1000කට අධික සංඛ්‍යාවක් යටතේ චෝදනා එල්ල කර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ පිරිමින් කිහිප දෙනෙකුට දැනටමත් අධිකරණය මගින් සිරදඬුවම් නියම කර ඇති අතර, අනෙක් අය තවදුරටත් අධිකරණ ක්‍රියාවලියට මුහුණ දෙමින් සිටිනවා.
කෙසේවෙතත් මෙම විමර්ශනය මගින් අන්තර්ජාලය තුළ සැඟවී පවතින ළමා අපයෝජන ජාලවල භයානක ස්වභාවය හෙළිදරව් වූ බවත්, මෙවැනි අපරාධවලට එරෙහිව නිරන්තරව ක්‍රියාත්මක වන බවත් පොලිසිය අවධාරණය කළා.









