මෙල්බන් නගරයේ වෙළඳසැලක් අසල සිදුවූ බව කියන සන්නද්ධ කොල්ලයක් සම්බන්ධයෙන් තරුණ දැරියන් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය Narre Warren හි Overland Drive හි පිහිටි වෙළඳ මධ්‍යස්ථානයක් අසල ඊයේ සවස 5.20ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
34 හැවිරිදි කාන්තාවක වෙත පිහියක් සහ hammer එකක් පෙන්වා ඇගේ මෝටර් රථයේ යතුරු ඉල්ලා ඇති බවත්, ඇය මුලින් එය ප්‍රතික්ෂේප කළත් යොවුන් දැරියක විසින් යතුරු ඇගේ අතින් පැහැරගෙන ඇති බවත් පොලිසිය පවසනවා.
එම අවස්ථාවේදී සිද්ධිය දුටු සාක්ෂිකරුවෙකු ඔවුන් පසුපස ගොස් ඇති අතර ඔහුටද තර්ජනය කර ඇති බව සඳහන්.
පොලිසිය එම ස්ථානයට පැමිණ වෙළඳසැල පිටතදී දැරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 15ක් වන දැරියන් දෙදෙනෙකුට සන්නද්ධව කොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුට තවත් අවි රැගෙන සිටීම ඇතුළු අතිරේක චෝදනාද එල්ල කර තිබෙනවා.









