ඊයේ දිනයේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට සැක කෙරෙන සිද්ධියක් හේතුවෙන් Dubai International Airport ගුවන්තොටුපළේ සිටි සංචාරකයන් ආරක්ෂාව සඳහා භූගත උමං මාර්ගවලට යොමු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝවල ගුවන්තොටුපළ ටර්මිනල් ආසන්නයේ පිපිරීමක් සිදුවීමෙන් පසු දුම් නගින ආකාරය දැකගත හැකි බව සඳහන්.
එම වීඩියෝවල පිපිරීමට තත්පර කිහිපයකට පෙර ඩ්‍රෝන යානයක් වැනි ශබ්දයක්ද ඇසෙන බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් පසුව ගුවන් ගමන් තාවකාලිකව නතර කළත්, පසුව Emirates ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා කිහිපයක් නැවත මෙහෙයුම් ආරම්භ කළ බවත් Dubai Airports ප්‍රකාශ කළා.
ඒ අනුව ඊයේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ Al Maktoum International Airport හරහා සීමිත ගුවන් ගමන් කිහිපයක් නැවත ක්‍රියාත්මක වන බව සඳහන්.
මෙම ප්‍රහාරය ඉරානය විසින් කලාපීය රටවල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර මාලාවක කොටසක් විය හැකි බවත්, එම ප්‍රහාර හේතුවෙන් බහරේන්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් වෙතද පිපිරීම් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.









