One Nation නායිකා Pauline Hanson, ඔස්ට්‍රේලියානු රජය විසින් “Do Not Travel” ලෙස නම් කර ඇති රටවල් 23කින් පැමිණෙන සංක්‍රමණිකයන්ට සීමා පැනවිය යුතු බවට අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
DFAT යටතේ මෙම රටවල් “Do Not Travel” ලෙස නම් කර ඇත්තේ ත්‍රස්තවාදය, පැහැරගැනීම් සහ සන්නද්ධ ගැටුම් වැනි දැඩි ආරක්ෂක අවදානම් හේතුවෙන් වන අතර, Hanson පවසන්නේ එවැනි රටවල් සම්බන්ධයෙන් migration ප්‍රතිපත්තියත් දැඩි කළ යුතු බවයි.
මෙම ලැයිස්තුවට පකිස්තානය, නයිජීරියාව සහ ලෙබනනය වැනි රටවල්ද ඇතුළත් බව The Australian වාර්තා කර තිබෙනවා.
එම රටවලින් 2024–25 කාලයේ පුද්ගලයන් 23,000කට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත්, One Nation යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාවටද බලපෑමක් ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මෙය One Nation විසින් ඉදිරිපත් කරන යෝජනාවක් පමණක් වන අතර, දැනට ක්‍රියාත්මක ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණ ප්‍රතිපත්තියක් නොවන බවයි විශේෂඥයින් පවසන්නේ.
මේ අතර Hanson මීට පෙරත් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ස්ථිර සංක්‍රමණික බඳවා ගැනීම් 130,000 දක්වා අඩු කළ යුතු බවයි පසුගියදා ප්‍රකාශ කර සිටියේ.









