Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press Club හිදී ප්‍රකාශයට පත් කළා.

නව සැලැස්ම යටතේ බොහෝ ජාත්‍යන්තර සිසුන්ට සහ Graduate Visa හිමියන්ට තම පවුලේ සාමාජිකයන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සීමා කිරීමට නියමිත අතර, PhD සිසුන් සහ Pacific හා ASEAN රටවල ඇතැම් සිසුන්ට විශේෂ නිදහස් කිරීම් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

දැනටමත් ඔස්ට්‍රේලියාවේ සිටින පවුල් වෙන් නොකරන බව ටෝනි බර්ක් අවධාරණය කර ඇති අතර, Student Visa භාවිත කරමින් course එකෙන් course එකට මාරුවී රටේ රැඳී සිටීම දිගු කරන “visa hopping” ක්‍රමයට ද දැඩි සීමා ගෙන එනවා.

Advertisement

Visitor Visa මගින් ඔස්ට්‍රේලියාවට පැමිණ පසුව රට ඇතුළේ සිට වෙනත් වීසා සඳහා අයදුම් කිරීම වැළැක්වීමට “No Further Stay” කොන්දේසිය පුළුල් කිරීමට රජය සූදානම් වන අතර, Protection Visa අයදුම් කිරීම් සඳහා වෙනස් නීති ක්‍රියාත්මක වනු ඇති බවත් සඳහන් කර තිබෙනවා.

Working Holiday Maker Visa සඳහා දෙවන සහ තුන්වන වසර ලබාගැනීමේ ක්‍රමයද වෙනස් කර regional work requirement සහ ballot system එකක් යොදාගැනීමට සැලසුම් කර තිබෙනවා.

Banner 01

ඉන්දියානු ජාතිකයන්ට අදාළ Australia–India Free Trade Agreement යටතේ දැනට පවතින වගකීම් රජය ගරු කරන බව ටෝනි බර්ක් පවසා ඇති අතර, එම වෙළෙඳ ගිවිසුම් යටතේ ලබාදී ඇති විශේෂ පහසුකම් අහෝසි කරන බවක් ඔහු ප්‍රකාශ කර නැහැ.

රජයේ ඉලක්කය Net Overseas Migration අගය 2026–27 වසරේ 245,000ක් පමණ දක්වාත් 2027–28 වනවිට 225,000ක් දක්වාත් පහළ දැමීම වන අතර, අධික ලෙස සංක්‍රමණය කපා දැමීම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සහ අත්‍යවශ්‍ය සේවාවලට බලපෑම් කළ හැකි බව බර්ක් ප්‍රකාශ කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් Tullamarine ගුවන් තොටුපොළෙන් දෝහා බලා පිටත් වූ Qatar Airways ගුවන් යානයකදී මගීන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන් ඉලක්ක කර දේශපාලන පක්ෂ දිනෙන් දින දැඩි යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. Student Visa, Graduate Visa,...

ඔස්ට්‍රේලියානු රජය රටවල් 29කින් 24කට අදාළ Working Holiday Visa අයදුම්පත් තාවකාලිකව නවතා තිබෙනවා. ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව පාලනය කිරීම සහ...

ඔස්ට්‍රේලියාවේ බලශක්ති ඇමති ක්‍රිස් බෝවන් ලබන සතියේ සෞදි අරාබියට යාමට නියමිතව තිබෙනවා. ඒ, මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල්...

AI තාක්ෂණික දැවැන්තයින් ඔස්ට්‍රේලියාවේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන අතරේ, රජය සහ ප්‍රකාශන හිමිකම් හිමියන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා....

Sydneyහි 16 හැවිරිදි දැරියකගේ මරණයෙන් පසුව, ලිංගික ක්‍රියා අතරතුර ගෙල සිර කිරීමේ අවදානම පිළිබඳ දරුවන් සමඟ වහාම කතා කරන්නැයි විශේෂඥයන්...

Sydney නුවර Glen Alpine ප්‍රදේශයේ නිවසක් තුළදී 23 හැවිරිදි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 14ක සහ...

1936දී වඳවී ගිය Tasmanian Tiger හෙවත් Thylacine සත්වයා 2036 වනවිට නැවත ජීවමාන කිරීමට හැකිවනු ඇතැයි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විශ්වාසය පළකර තිබෙනවා....

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රජනන සෞඛ්‍ය සායන සඳහා නිකුත් කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මීට පෙර සමලිංගික...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

Skilled workersලට ඔස්ට්‍රේලියා Migration system එකේ වැඩි අවධානයක්

ඔස්ට්‍රේලියාවට අවශ්‍ය skilled workers වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා රජය migration system එකේ ප්‍රමුඛතා වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. නව වෙනස්කම් යටතේ construction, healthcare, agriculture,

Read More »

වසරක් තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය වැඩි වූ හැටි – 75%ක්ම සංක්‍රමණිකයින්ගෙන්

ඔස්ට්‍රේලියාවේ ජනගහනය වසරක් තුළ පුද්ගලයන් 392,700කින් ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) නවතම දත්ත පෙන්වා දෙනවා. 2026 මාර්තු 31 වනවිට ඔස්ට්‍රේලියාවේ සමස්ත

Read More »

Student සහ Dependent Visaවලට Tony Burkeගෙන් දැඩි සීමා

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා, ජාත්‍යන්තර සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ඉලක්ක කරමින් නව සංක්‍රමණ නීති වෙනස්කම් රැසක් Home Affairs Minister ටෝනි බර්ක් විසින් අද National Press

Read More »

ඔස්ට්‍රේලියාවට එන්නේ කවුද? රැඳී සිටින්නේ කවුද? පිටව යන්නේ කවුද? ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය සමග වෙනස් වුණ සංක්‍රමණ නීති

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ විශාල වෙනස්කම් රැසක් හඳුන්වාදෙමින් Home Affairs Minister Tony Burke අද නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනසක් ලෙස ජාත්‍යන්තර

Read More »

ජාත්‍යන්තර සිසුන්ට පවුලේ සාමාජිකයන් ගෙන්වීම සීමා කරයි. ටෝනි බර්ක්ගේ තීරණාත්මක ප්‍රකාශය

ඔස්ට්‍රේලියාවේ Visitor, Student සහ Backpacker වීසා නීති දැඩිවෙයි ඉදිරියේදී නිකුත් කරන සියලුම Visitor Visa සඳහා “No Further Stay” කොන්දේසිය ඇතුළත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය

Read More »
tax

බදු සඟවන පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ATO දැඩිවෙයි

බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සහ ව්‍යාපාර සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. පසුගිය වසර දෙක තුළ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නඩු පැවරීම් 350කට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom