වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් අඩු උෂ්ණත්ව මට්ටම්වලදී පවා බරපතල සෞඛ්‍ය අවදානම්වලට ලක්වන බව නවතම ගෝලීය පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.
තරුණ පරම්පරාවට ඔරොත්තු දෙන උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 4.7 සිට 7.5 දක්වා අඩු අගයන්වලදී වැඩිහිටියන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීමට නොහැකි වන බවයි Stanford University පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
අපගේ ශරීරය වයස්ගත වන විට දහඩිය පිටවීම අඩුවීම, හෘද ස්පන්දනය මගින් රුධිරය සංසරණය කිරීමේ කාර්යක්ෂමතාව අඩුවීම මෙන්ම දියවැඩියාව වැනි දීර්ඝකාලීන රෝග තත්වයන් හේතුවෙන් අධික රස්නයට ඔරොත්තු දීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වනවා.
මෙමගින් හෘදයාබාධ, වකුගඩු රෝග සහ ශ්වසන ආබාධ හදිසියේම උග්‍ර වීමේ දැඩි අවදානමක් පවතිනවා.
ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගියහොත්, ලොව පුරා වෙසෙන මිලියන 290කට ආසන්න වැඩිහිටි ජනගහනයක් වසරකට අවම වශයෙන් මාසයක කාලයක් දැඩි උණුසුම් තත්වයන්ට ගොදුරු වන බවට අනුමාන කෙරෙනවා.
විශේෂයෙන්ම නිවර්තන කලාපීය රටවල වෙසෙන ජනතාවට මෙහි අවදනම ඉහළයි.
මේ අතර එක්සත් ජනපද පර්යේෂකයින් වැඩිදුරටත් පවසන්නේ වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වූ විශේෂ රක්ෂණ සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඉක්මනින් සකස් කළ යුතු බවයි.









