ඔස්ට්‍රේලියාවේ Sydney සහ Melbourne නගරවල නිවාස කුලී විශාල ලෙස ඉහළ යා හැකි බවට NAB විශ්ලේෂණයකින් අනතුරු අඟවා තිබෙනවා.
රජය negative gearing සහ capital gains tax සම්බන්ධයෙන් කළ වෙනස්කම් නිසා දේපළ ආයෝජකයින්ගේ ප්‍රතිලාභ අඩුවිය හැකි බවයි එහි සඳහන් වෙන්නේ.
එම අහිමිවන ප්‍රතිලාභ පියවාගැනීමට කුලී ආදායම වැඩි කිරීමට සිදුවුණොත් Sydney සහ Melbourne වැනි නගරවල rents සියයට 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් ඇති බව NAB ගණනය කර තිබෙනවා.
දැනට Sydney හි සාමාන්‍ය සතිපතා කුලිය ඩොලර් 824ක් පමණ වන අතර Melbourne හි එය ඩොලර් 632ක් පමණ වන බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් භාණ්ඩාගාරික Jim Chalmers පවසන්නේ මෙය නිල අනාවැකියක් නොවන බවයි.
රජය කියාසිටින්නේ housing tax වෙනස්කම්වලින් කුලීවලට ඇතිවන බලපෑම මීට වඩා බොහෝ අඩු වනු ඇති බවයි.
ඒ අතර rental supply අඩුවීම සහ ජීවන වියදම් පීඩනය නිසා කුලීකරුවන්ට ඉදිරි කාලය තවත් අභියෝගාත්මක විය හැකි බව housing experts පෙන්වා දෙනවා.









