බ්‍රිස්බන් මවක් තමන් මිලදීගත් පාන් ගෙඩියක් ඇතුළේ වීදුරු කැබලි තිබූ බවට චෝදනා කරමින් පාරිභෝගිකයින්ට අනතුරු අඟවා තිබෙනවා.
ඇය පවසන්නේ එය Tip Top Soft White පාන් ගෙඩියක් බවයි.
පාන් කපන අවස්ථාවේදී වීදුරු වැනි කැබලි හඳුනාගත් බව ඇය Nine News වෙත පවසා තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසු දරුවන්ට හෝ පවුලේ අයට පාන් ලබාදීමට පෙර හොඳින් පරීක්ෂා කරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පාන් නිෂ්පාදකයා වෙතද දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් පාන් තුළට එම වීදුරු කැබලි පැමිණියේ කෙසේද යන්න තවම පැහැදිලි වී නැහැ.
මෙම සිද්ධියත් සමඟ supermarket වලින් මිලදීගන්නා ආහාර භාවිතයට පෙර පරීක්ෂා කිරීම ගැන නැවතත් අවධානය යොමු වී තිබෙනවා.









