ඔස්ට්‍රේලියා රජය Online Gambling Ads පාලනය කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, තමන්ට Gambling Ads ලබාගන්න අවශ්‍ය නැති පුද්ගලයන්ට එක් ස්ථානයක ලියාපදිංචි වී එවැනි දැන්වීම් නවත්වන්න හැකි Opt-out Register එකක් හඳුන්වාදීමට නියමිතයි.
මෙම ක්‍රමය දැනට අනවශ්‍ය දුරකථන ඇමතුම් නවත්වන්න භාවිත කරන Do Not Call Register එකට සමාන ක්‍රමයක් වනු ඇති බවටයි රජය පවසන්නේ.
මෙම Register එක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් Gambling Companies වෙතින් නව ගාස්තුවක් ලෙස ලබාගැනීමටත් රජය යෝජනා කර තිබෙනවා.
ඒ සමඟ Gambling Ads හරහා ජනතාවට ලබාදෙන විවිධ Inducements, එනම් ඔට්ටු තැබීමට ආකර්ෂණය කරන දිරිගැන්වීම් පාලනය කිරීමටත් නව නීති හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, Gambling Ads සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවට ඇතැම් දේශපාලනඥයන් සහ සංවිධාන ඉල්ලා සිටින අතර, රජයේ යෝජනාව ඒ තරම් දැඩි නොවන බවට විවේචනද එල්ල වී ඇති බවට වර්තාවනවා.
කෙසේවෙතත් රජය බලාපොරොත්තු වන්නේ මෙම නව නීති පාර්ලිමේන්තුව හරහා ඉක්මනින් සම්මත කරගෙන Online Gambling Ads නිසා ඇතිවන බලපෑම අඩු කිරීමයි.









