ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Phillip Island සහ Melbourne හි St Kilda ප්‍රදේශවල සිටින Little Penguins කුරුළු උණෙන් ආරක්ෂා කිරීම සඳහා එන්නත් ලබාදීම අද ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ පෙන්ගුවින්ලා 5,000කට වැඩි පිරිසකට එන්නත් ලබාදීමට නියමිත අතර, සෑම පෙන්ගුවින් කෙනෙකුටම එන්නත් මාත්‍රා දෙකක් ලබාදීමට සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙවැනි ආකාරයෙන් විශාල වල් පක්ෂි සමූහයකට එන්නත් ලබාදීම ලෝකයේ මෙතෙක් සිදුකළ විශාලතම වැඩසටහනක් ලෙස සැලකෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ H5 කුරුළු උණ වෛරසය Phillip Island හි Little Penguin කෙනෙකුට හඳුනාගැනීමෙන් පසුවයි.
එම පෙන්ගුවින් වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර, එය Phillip Island පෙන්ගුවින් ජනගහනය අතර හඳුනාගත් පළමු H5 ආසාදනය සහ මරණය බව බලධාරීන් පවසනවා.
Phillip Island හි පෙන්ගුවින්ලා විශාල වශයෙන් එකට ජීවත් වන නිසා වෛරසය වේගයෙන් පැතිරීමේ අවදානමක් ඇති බවත්, එම නිසා හැකි ඉක්මනින් එන්නත් ලබාදීම වැදගත් බවටයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් එන්නත මගින් වෛරසය සම්පූර්ණයෙන්ම වැළැක්විය හැකි බවට සහතිකයක් නොමැති අතර, එහි බලපෑම අඩු කර පෙන්ගුවින් ජනගහනය ආරක්ෂා කර ගැනීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි වික්ටෝරියා බලධාරීන් බලාපොරොත්තු වෙනවා.









