Tasmania 2026–27 Skilled Migration State Nomination Program එක අද අගෝස්තු 17 සිට අලුත් ROI භාරගැනීම ආරම්භ කර තිබෙනවා.
මෙවර Tasmaniaට nomination places 2,050ක් ලැබී ඇති අතර, Subclass 190 සඳහා 1,250ක් සහ Subclass 491 සඳහා 800ක් වෙන් කර ඇති බව සඳහන්.
Nomination invitations අගෝස්තු 20 සිට සෑම සතියකම නිකුත් කිරීමට නියමිත අතර, invitation ලැබූ ROI ගණන, අවම score එක සහ ඉතිරි places ගණනද ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.
මෙවර selection rules කිහිපයක්ද වෙනස් කර ඇති අතර, Tasmaniaහි වැඩි කාලයක් සේවය කර ඇති අයට වැඩි priority ලැබෙන පරිදි ranking system එක සංශෝධනය කර තිබෙනවා.
Gold priority සඳහා සුදුසුකම් ලබන්න නම් සතියකට අවම වශයෙන් පැය 30ක් සේවය කිරීම අවශ්‍ය වන අතර, nomination application fee එක $425.70 දක්වා වැඩි කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් ROI එකක් submit කිරීම සඳහා තවමත් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ.
මේ අතර Tasmaniaහි job offer එකක් නැති overseas applicants සඳහා තිබූ 491 invitation-only pathway එකෙන් මෙවර invitations නිකුත් නොකරන නමුත්, Tasmania health provider හෝ school එකක job offer ඇති overseas health සහ teaching professionals සඳහා 190 pathway එක තවදුරටත් පවතිනවා.
#TasmaniaMigration #SkilledMigration #Subclass190 #Subclass491 #AustraliaPR #MigrationNews #AusLankaTV









