උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ජාතික ආබාධිත රක්ෂණ ක්‍රමය හෙවත් NDIS (National Disability Insurance Scheme)හි ඉදිරියේදී සිදුවීමට නියමිත සංශෝධන සහ කප්පාදු කිරීම් කිසිසේත්ම ප්‍රමාද කිරීමට රජය අපේක්ෂා නොකරන බව NDIS අමාත්‍ය Jenny McAllister පවසනවා.

පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ (Coalition) සහය ඇතිව මෙම නීතිමය සංශෝධන අනුමත කර ගැනීමට රජය සූදානම් වන අතර, ඉදිරි වසර 4 තුළ එමඟින් ඩොලර් බිලියන 36කට වැඩි මුදලක් ඉතිරි කර ගැනීමට නියමිතයි.

Banner 01

මෙම අලුත් යෝජනා යටතේ පුද්ගලයින් 300,000ක් පමණ NDIS සේවාවන්ගෙන් ඉවත් කිරීමට හෝ අලුතින් එක්වීම වැළැක්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

කෙසේ වෙතත් විකල්ප සහන සේවාවන් (Foundational supports) තවමත් නිසි ලෙස ස්ථාපනය කර නොමැති පසුබිමක, ආබාධිත පුද්ගලයන් අසරණ විය හැකි බවට විවිධ පාර්ශ්ව සහ ප්‍රාන්ත අමාත්‍යවරුන් චෝදනා කරනවා.

එහෙත් ඇමැතිවරිය සඳහන් කළේ ‘Thriving Kids’ නමැති විකල්ප සහන වැඩසටහන ලබන ඔක්තෝබර් 1 වනදා සිට නියමිත පරිදි ආරම්භ කරන බවයි.

Advertisement

මේ අතර NDIS අරමුදල් වංචනික ලෙස ලබාගන්නා පුද්ගලයින්ට සහ සංවිධානවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද මෙම නව පනතින් යෝජනා කර තිබෙනවා.


උණුසුම් පුවත්

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

NDIS කප්පාදුව ප්‍රමාද කිරීමට රජය සූදානම් නැහැ – ඇමැතිවරියගෙන් ප්‍රකාශයක්

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom