ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන් වසරකට ඩොලර් 90,000 දක්වා වන ඉහළ ආරම්භක වැටුප් සහ ස්ථිර රැකියා අවස්ථා හිමිවන ගුරු, හෙද සහ පොලිස් වැනි අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්‍රයන් වෙත යොමුවීමේ අඩුවක් දක්නට ලැබෙන බව නවතම වාර්තා පෙන්වා දෙනවා.
Jobs and Skills Australia ආයතනයේ නවතම දත්තවලට අනුව 2025 වසරේදී ඔස්ට්‍රේලියාවේ රැකියාවලින් 29%ක හිඟයක් පැවැති අතර, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල මෙම හිඟය තවමත් දැඩි ලෙස බලපා තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නවක ගුරුවරයෙකුගේ ආරම්භක වැටුප ඩොලර් 90,177ක් වන අතර, පොලිස් කොස්තාපල්වරයෙකු ඩොලර් 88,169ක් සහ හෙදියක ඩොලර් 81,468ක මූලික වැටුපක් ලබනවා.
වැටුප් වැඩි කිරීමත් සමඟ ගුරු සහ පොලිස් ක්ෂේත්‍ර වෙත අලුතින් එක්වන පිරිස යම් තරමකට ඉහළ ගොස් තිබුණද, පවතින අධික වැඩ බර සහ විවේකය නොමැතිකම නිසා සේවකයන් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමේ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.
හෙද ක්ෂේත්‍රයේ 66%ක් පමණ රැකියාවෙන් ඉවත් වීමට අදහස් කරන අතර අධික අතිකාල සේවය නිසා පවුල් ජීවිතය ද අඩාල වන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
මේ අතර විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඉහළ වැටුප් ලබාදීම පමණක් මෙම සේවක හිඟයට විසඳුමක් නොවන අතර, සේවකයන්ට සුදුසු නම්‍යශීලී සේවා පරිසරයක් සහ සහනයක් ලබාදීම රජයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගය බවයි.









