ඔස්ට්‍රේලියාව තුළ බර අඩු කිරීම සඳහා භාවිත කරන Ozempic, Wegovy සහ Mounjaro වැනි ඖෂධ සමඟ සම්බන්ධ වී ඇති බවට වාර්තා වූ මරණ සංඛ්‍යාව 62ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Australia ඖෂධ නියාමන ආයතනය වන TGA වෙත මෙම ඖෂධ භාවිතයෙන් පසු ඇති වූ බවට සැක කරන අහිතකර ප්‍රතික්‍රියා 2,800කට වැඩි ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බව සඳහන්.
වාර්තා වී ඇති අතුරු ආබාධ අතර ඔක්කාරය, අග්න්‍යාශයේ දැවිල්ල, මානසික තත්ත්වයේ වෙනස්වීම් සහ ඉතා දුර්ලභව පෙනීමට බලපාන ඇස් රෝගයක්ද ඇතුළත්.
කෙසේ වෙතත් වෛද්‍ය විශේෂඥයන් අවධාරණය කරන්නේ, මෙම මරණ හෝ සියලුම අහිතකර සිදුවීම් ඖෂධ නිසාම ඇති වූ බව මෙම වාර්තා මගින් තහවුරු නොවන බවයි.
TGA ද පෙන්වා දෙන්නේ වාර්තාවක් ලැබීමෙන් පමණක් ඖෂධය සහ සිදුවීම අතර සෘජු හේතු–ප්‍රතිඵල සම්බන්ධයක් තහවුරු කළ නොහැකි බවයි.
ඇතැම් රෝගීන්ට වෙනත් රෝග තත්ත්ව හෝ වෙනත් ඖෂධ භාවිතයද බලපාන්න පුළුවන්.
GLP-1 වර්ගයේ මෙම ඖෂධ obesity සහ type 2 diabetes පාලනය සඳහා භාවිත කරන අතර, TGA විසින් මානසික වෙනස්කම් සහ දුර්ලභ ඇස් රෝගයක් ඇතුළු අවදානම් පිළිබඳව ආරක්ෂක අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබෙනවා.
ඒ නිසා මේ ඖෂධ භාවිත කරන අය වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධය නවත්වන්නේ නැතිව, අසාමාන්‍ය ලක්ෂණ හෝ දැඩි අතුරු ආබාධ ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි විශේෂඥයන් උපදෙස් දෙන්නේ.









