උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ Pension Supplement ලබන අය විදේශ ගමන් කරන විට ගෙවීම් සිදුකරන ක්‍රමය 2026 සැප්තැම්බර් 20 සිට වෙනස් කිරීමට රජය සූදානම් වෙනවා.

දැනට විදේශගත වී සති 6ක් ගතවූ පසු Pension Supplement එක සම්පූර්ණ මුදලෙන් මූලික මුදලට අඩු වෙනවා.

Banner 01

නව ක්‍රමය යටතේ විදේශයේ සති 12ක් දක්වා සිටින අයට Pension Supplement එක සම්පූර්ණයෙන්ම දිගටම ලැබෙනු ඇති.

Advertisement

කෙසේ වෙතත් සති 12 ඉක්මවා විදේශයේ රැඳී සිටියහොත් Pension Supplement ගෙවීම සම්පූර්ණයෙන් නතර කරන බවයි සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ස්ථිරව විදේශයට පදිංචියට යන pension ලබන්නන්ට රටින් පිටවන දිනයේ සිටම මෙම අමතර ගෙවීම නතර කිරීමට නියමිතයි.

Advertisement

සති 6ත් 12ත් අතර කාලයක් විදේශගත වන 68,000ක් පමණ නව ක්‍රමය යටතේ දැනට වඩා වැඩි මුදලක් ලබනු ඇති බව Department of Social Services පවසනවා.

රජය සඳහන් කරන්නේ මෙම වෙනස Pension Supplement එක ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වන pensioners වෙනුවෙන් වඩා සාධාරණ සහ දිගුකාලීනව පවත්වාගෙන යා හැකි ක්‍රමයකට ගෙන ඒම සඳහා සිදුකරන බවයි.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස් ගමන් යන සුවිශේෂී පිරිසකට ළඟදීම ගෙවීම්වල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »

NDIS අරමුදල් වංචා කළ වික්ටෝරියානුවෙකු අත්අඩංගුවට

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom