Air India විසින් Delhi සහ Melbourne අතර ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
දැනට සතියකට ගුවන් ගමන් හතරක් ක්‍රියාත්මක වන අතර, සැප්තැම්බර් පළමුවැනිදා සිට එම ගුවන් ගමන් සංඛ්‍යාව දිනපතා සේවාවක් දක්වා වැඩි කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව ඔක්තෝබර් 27 වැනිදා සිට Delhi–Melbourne මාර්ගයේ සතියකට ගුවන් ගමන් 11ක් දක්වා වැඩි කිරීමටයි Air India සැලසුම් කර ඇත්තේ.
මේ සඳහා වැඩිදියුණු කළ අභ්‍යන්තර පහසුකම් සහිත Boeing 777-300ER ගුවන් යානා දැනටමත් මෙම මාර්ගයේ භාවිත කරන බව සඳහන්.
එම යානයේ First Class suites අටක්, Business Class ආසන 40ක් සහ Economy Class ආසන 280ක් ඇතුළත් වන අතර, පෙර භාවිත කළ යානයට වඩා වැඩි premium capacity එකක් ලබාදෙනවා.
Air India පවසන්නේ Australia සහ India අතර ව්‍යාපාරික සහ සංචාරක ගමන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙම ගුවන් ගමන් වැඩි කිරීමට ප්‍රධාන හේතුවක් බවයි.
මෙම සේවාව හරහා Melbourne සිට Delhi හරහා London, Frankfurt, Paris, Rome, Milan සහ Zurich ඇතුළු යුරෝපීය ගමනාන්ත රැසකට පහසු සම්බන්ධතා ලබාගැනීමටත් මගීන්ට අවස්ථාව ලැබෙනවා.









