මෙල්බන්හි 14 හැවිරිදි සිසුවෙකු World Youth Scrabble Championship තරගාවලියේ ශූරතාව දිනාගෙන ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදී තිබෙනවා.
දිනෙත් ප්‍රනාන්දු නමැති මෙම සිසුවා, කෙන්යාවේ නයිරෝබි නුවර පැවති තරගාවලියේදී ලොව පුරා සිටි තරගකරුවන් 140 දෙනෙකු පරාජය කරමින් ශූරතාව හිමිකරගෙන තිබෙනවා.
විශේෂත්වය වන්නේ දිනෙත් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මීට මාස හතකට පමණ පෙර වීමයි. ඔහු මුලින්ම ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති අතර, ඉංග්‍රීසි ඔහුගේ දෙවන භාෂාවයි.
Scrabble ක්‍රීඩාවට වයස අවුරුදු අටේදී පාසල හරහා යොමුවූ ඔහු, තරගාවලි සඳහා දිනකට වචන 200ක් පමණ පුහුණු වී ඇති බව සඳහන්.
මෙවර ජයග්‍රහණයට පෙර ජූලි මාසයේදී ඔහු Australian Youth Scrabble Championship ශූරතාවද දිනාගෙන තිබෙනවා.
දිනෙත් පවසන්නේ Scrabble ක්‍රීඩාව ඔස්ට්‍රේලියාවේ නව ජීවිතයට හුරු වීමටත්, නව මිතුරන් හඳුනාගැනීමටත් තමන්ට උපකාර වූ බවයි.
අනාගතයේදී වෛද්‍යවරයෙකු වීමට බලාපොරොත්තු වන දිනෙත්, ගණිතය සහ විද්‍යාව කෙරෙහිද විශේෂ උනන්දුවක් දක්වන බව සඳහන්.
ඔහුගේ පියා පවසන්නේ තම පුත්‍රයා ලෝක ශූරතාව දිනාගැනීම තමන්ට සිහිනයක් සැබෑ වූවාක් මෙන් හැඟෙන බවයි.









