Western Australia හි Broome වරායේ සේවක වැඩ වර්ජනය දෙවැනි සතියටත් ක්‍රියාත්මක වන බව ABC වාර්තා කරනවා.
Maritime Union of Australia පවසන්නේ සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් Kimberley Ports Authority සමඟ සති 12ක් තිස්සේ සාකච්ඡා සිදු නොවූ බවයි.
සේවකයන් පසුගිය සිකුරාදා සිට වැඩ නතර කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, එය සති දෙකක් පුරා පැවතීමට නියමිතයි.
සේවකයන් ඉල්ලා සිටින්නේ Kimberley ප්‍රදේශයට අදාළ දීමනාව වැඩි කිරීම සහ වැඩට අමතරව ලබාදෙන විවේක කාලය සම්බන්ධ වත්මන් ක්‍රමය පවත්වාගෙන යාමයි.
කෙසේ වෙතත් Kimberley Ports Authority පවසන්නේ තමන් සාකච්ඡා ක්‍රියාවලිය යහපත් විශ්වාසයකින් ඉදිරියට ගෙන යන බවයි.
මේ වැඩ වර්ජනය හේතුවෙන් Western Australia හි උතුරු ප්‍රදේශයේ වරාය කටයුතු සහ සංචාරක නෞකා සේවා සම්බන්ධයෙන්ද බලපෑම් ඇතිවී තිබෙනවා.
මේ අතර, WA රජය Perth සිට Kununurra දක්වා ගමන් කාලය පැය තුනකින් අඩු කළ හැකි නව පොලිස් ගුවන් යානයක්ද හඳුන්වා දී ඇති අතර, ඒ සඳහා වසර පහක lease එකකට ඩොලර් මිලියන 23කට වැඩි මුදලක් වැය වන බව සඳහන්.









