සිඩ්නි නගරයට බලපා ඇති තද සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් Sydney Airport හි ගුවන් ගමන් රැසක් අද ප්‍රමාද වී තිබෙනවා.
අද නියමිත පිටත්වීම් 786කින් 138ක් පමණ ප්‍රමාද විය හැකි බව වාර්තා වන අතර, Qantas ගුවන් ගමන් තුනක්ද අවලංගු කර ඇති බව සඳහන්.
තද සුළං හේතුවෙන් ගුවන් යානා පැමිණීම සහ පිටත්වීම අතර වැඩි කාල පරතරයක් තබා ගැනීමට සිදුවීම නිසා මෙලෙස ප්‍රමාදයන් ඇතිවන බවයි සඳහන් වන්නේ.
Sydney Airport වාර්තා පවසන්නේ බටහිර සුළං ඇති අවස්ථාවල සාමාන්‍ය ගුවන් ධාවන පථ දෙක වෙනුවට එක් ධාවන පථයක් පමණක් භාවිත කිරීමට සිදුවිය හැකි අතර, එමගින් පැයකට කළ හැකි ගුවන් ගමන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු බවයි.
අද පස්වරු 2 දක්වා ගුවන් ගමන් ප්‍රමාද කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තා වෙනවා.
අද Sydney Airport හරහා ගමන් කිරීමට නියමිත මගීන්ට, ගුවන් තොටුපොළට යාමට පෙර තම ගුවන් සමාගමෙන් ගමනේ නවතම තත්ත්වය පරීක්ෂා කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.









