ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතය පිළිබඳ තීරණාත්මක තීන්දුවක් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව අද පස්වරු 2.30ට සිය නව පොලී අනුපාත තීරණය නිකුත් කරනවා.
දැනට රටේ නිල පොලී අනුපාතය සියයට 4.35ක් ලෙස පවතිනවා.
බොහෝ ආර්ථික විශ්ලේෂකයන් සහ මූල්‍ය වෙළෙඳපොළ අපේක්ෂා කරන්නේ මෙවර එම අනුපාතය වෙනස් නොකරනු ඇති බවයි.
තවද උද්ධමනය පහළ යමින් තිබුණත්, එය සියයට 2ත් 3ත් අතර ඉලක්කයට ස්ථාවරව ගෙන ඒම පිළිබඳව RBA තවදුරටත් අවධානයෙන් සිටිනවා.
මෙම තීරණය නිවාස ණය ගෙවන පවුල්වල මාසික වියදම්වලට සෘජුවම බලපාන බැවින් බොහෝ දෙනා මේ තීරණය දෙස බලා සිටිනු ඇත.
පොලී අනුපාතය වෙනස් නොකළහොත් නිවාස ණය ගෙවීම්වලට දැනටමත් ඇති පීඩනය තවදුරටත් පවතිනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.









