2026 NAPLAN ප්‍රතිඵල අනුව වික්ටෝරියානු සිසුන් ජාතික මට්ටමේ ඉහළම ප්‍රතිඵල වාර්තා කර තිබෙනවා.
රට පුරා මිනුම් 20න් 16කදී වික්ටෝරියා සිසුන් පළමු හෝ දෙවන ස්ථානය ලබාගෙන ඇති බව ප්‍රාන්ත රජය පවසනවා.
විශේෂයෙන් 5, 7 සහ 9 ශ්‍රේණිවල ගණිත ප්‍රතිඵලවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබී තිබෙනවා.
9 ශ්‍රේණියේ ගණිතයෙන් සිසුන් සියයට 15.2ක් ඉහළම ප්‍රවීණතා මට්ටමට ළඟා වී ඇති බව සඳහන්.
එමෙන්ම 9 ශ්‍රේණියේ ලිවීමේ පරීක්ෂණයෙන් සිසුන් හතරෙන් එකකට වැඩි පිරිසක් ඉහළම මට්ටම ලබාගෙන තිබෙනවා.
අමතර අධ්‍යාපන සහාය අවශ්‍ය සිසුන්ගේ අනුපාතයද රටේ අඩුම මට්ටමක පවතින බව වික්ටෝරියා රජය කියනවා.
සිසුන්ගේ අධ්‍යාපනය සහ පාසල් සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 44ක් වෙන් කර ඇති බවද රජය වැඩිදුරටත් සඳහන් කරනවා.









