පසුගිය වසර 10ක කාලය තුළ වාර්තා වූ දරුණුතම El Niño කාලගුණික තත්ත්වයට මුහුණ දීමට ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසකට සිදුව ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
පැසිෆික් මුහුදේ මතුපිට උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී දැඩි නියඟ සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) විසින් පසුගිය ජූනි මාසයේදී එල් නිනෝ තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, අගෝස්තු මුල වන විට පැසිෆික් මුහුදේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2.02 කින් ඉහළ ගොස් තිබෙනවා.
2016 වසරෙන් පසුව සෙල්සියස් අංශක 2 සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව මෙයයි.
කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ ලබන නොවැම්බර් මාසය වන විට මෙම උෂ්ණත්ව අගය සෙල්සියස් අංශක 3.5 දක්වා ඉහළ යා හැකි බවයි.
එසේ වුවහොත්, ක්‍රි.ව. 1902 දී තැබූ සෙල්සියස් අංශක 2.65 ක වාර්තාව ද අභිබවා යමින් ඉතිහාසයේ දරුණුතම කාලගුණික අර්බුදය නිර්මාණය වනු ඇති.
මේ අතර විශේෂඥයින්ගේ පුරෝකථනයන්ට අනුව මෙම බරපතල කාලගුණික තත්ත්වය 2027 වසරේ මුල් භාගය දක්වාම පැවැතීමට ඉඩකඩ පවතිනවා.
අධික උෂ්ණත්වය සහ අඩු වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ජල හා ආහාර හිඟයන් පිළිබඳව ද මේ වන විට අවධානය යොමුව තිබෙනවා.









