උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව 2026 වසරේ මුල් මාස පහ තුළ සියයට 6.9කින් පහළ ගොස් ඇති බව නවතම නිල දත්ත අනාවරණය කරනවා.

Australian Department of Education දත්ත අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 680,582ක්.

Banner 01

එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 6.9ක අඩුවීමක්.

Advertisement

මේ අතර, 2026 වසරේ අලුතින් අධ්‍යාපනය ආරම්භ කළ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 91,468ක් දක්වා සියයට 6කින් පහළ ගොස් තිබෙනවා.

එක් සිසුවෙකුට පාඨමාලා එකකට වැඩි සංඛ්‍යාවක් හැදෑරිය හැකි බැවින්, එම කාලය තුළ වාර්තා වූ සමස්ත ජාත්‍යන්තර ශිෂ්‍ය බඳවා ගැනීම් සංඛ්‍යාව 752,784ක්.

Advertisement

එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 8ක පහළ යාමක් වන අතර, අලුතින් ආරම්භ කළ පාඨමාලා සංඛ්‍යාවද 216,884ක් දක්වා සියයට 8කින් අඩුවී තිබෙනවා.

මෙම අඩුවීමේ වැඩිම බලපෑම English Language Intensive Courses for Overseas Students හෙවත් ELICOS අංශයට එල්ල වී ඇති අතර, එහි බඳවා ගැනීම් සියයට 27කින් පහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත්, විශ්වවිද්‍යාල ඇතුළත් උසස් අධ්‍යාපන අංශයේ බඳවා ගැනීම් සියයට 2කින් ඉහළ ගොස් ඇති බවද නිල දත්ත පෙන්වා දෙනවා.

ඒ අනුව සමස්ත ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව පහළ ගියද, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම තවමත් ස්ථාවරව පවතින බවයි පෙනී යන්නේ.

මෙම තත්ත්වය English පාඨමාලා, vocational education සහ අනෙකුත් අධ්‍යාපන සේවා සපයන ආයතනවලට වැඩි බලපෑමක් ඇති කළ හැකි අතර, ජාත්‍යන්තර සිසුන් මත රඳා පවතින නවාතැන්, hospitality, retail සහ ප්‍රවාහන ව්‍යාපාරවලටද බලපෑම් ඇති විය හැකියි.

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා පැමිණීමට බලාපොරොත්තු වන සිසුන්ටද පාඨමාලාව, අධ්‍යාපන ආයතනය සහ වීසා අවශ්‍යතා නිසි ලෙස පරීක්ෂා කර අයදුම් කිරීම තවදුරටත් වැදගත් වෙනවා.

 

 


උණුසුම් පුවත්

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියා සරසවිවල ශ්‍රී ලාංකිකයින්ට වැඩි ඉඩක් ?

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom