ඔස්ට්‍රේලියාවේ JobSeeker සහ රැකියා සේවා පද්ධතිය විශාල වෙනසකට ලක් කළ යුතු බවට නව වාර්තාවක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වාර්තාව පෙන්වා දෙන්නේ, රැකියා සොයන පුද්ගලයන්ට සහාය ලබාදීම සඳහා රජය විසින් බිලියන ගණනක මුදල් වැය කළත්, පවතින පෞද්ගලික සේවා ක්‍රමය අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන බවයි.
වාර්තාවට අනුව, රජයේ කොන්ත්‍රාත් හරහා සේවා ලබාදෙන ඇතැම් පෞද්ගලික සමාගම් විශාල ආදායම් ලබන අතර, බදු ගෙවන්නන්ගේ මුදල් නිසි ලෙස භාවිත වනවාද යන්න පිළිබඳ ප්‍රශ්න මතුව තිබෙනවා.
ඔස්ට්‍රේලියානු රැකියා සේවා පද්ධතියට වසර 30කට ආසන්න කාලයකින් පසු විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවටද මීට පෙර විමර්ශනවලින් යෝජනා කර තිබුණා.
රජය නව රැකියා සේවා ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කරමින් සිටින අතර, රැකියා සොයන පුද්ගලයන්ට වඩා හොඳ සහායක් ලබාදීම එහි අරමුණ බව සඳහන්.
කෙසේ වෙතත්, නව ක්‍රමය තුළ පෞද්ගලික සේවා සපයන්නන්ගේ භූමිකාව පිළිබඳවද විවිධ අදහස් සහ විවාද මතුව තිබෙනවා.
JobSeeker සේවාවන්හි විනිවිදභාවය වැඩි කිරීම සහ රැකියා සොයන ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලබාදීම සඳහා වෙනස්කම් අවශ්‍ය බවටයි වාර්තාවෙන් අවධාරණය කරන්නේ.









