Travel + Leisure සඟරාව නිකුත් කළ 2026 World’s Best Awards ශ්‍රේණිගත කිරීම් අනුව, තායිලන්තයේ Koh Samui දූපත ලෝකයේ හොඳම දූපත ලෙස පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ලොව පුරා සංචාරකයන්ගේ අදහස් සහ අත්දැකීම් පදනම් කරගෙන ලකුණු ලබාදී ඇති අතර, Koh Samui සුන්දර වෙරළ තීර, සොබාදහම, ආහාර සංස්කෘතිය සහ සුඛෝපභෝගී නවාතැන් පහසුකම් හේතුවෙන් ඉහළම ලකුණු ලබාගෙන තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාවද ලෝකයේ හොඳම දූපත් 20 අතරට පමණක් නොව Top 10 අතරටද පැමිණ තිබීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයයි හිමිකරගෙන ඇත්තේ.
එමෙන්ම Maldives දෙවන ස්ථානයටත්, Galápagos Islands (Ecuador) තෙවන ස්ථානයටත්, Bali (Indonesia) සිව්වැනි ස්ථානයටත් සහ Phuket (Thailand) පස්වැනි ස්ථානයටත් පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාවේ කිසිදු දූපතක් මෙවර ලෝකයේ හොඳම දූපත් 20 අතරට ඇතුළත්ව නොතිබීමද කැපී පෙනෙන කරුණක්.
මෙම ශ්‍රේණිගත කිරීම මගින් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇති බව සංචාරක ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
20 best islands in the world in 2026
- Koh Samui, Thailand
- Maldives
- Galápagos Islands, Ecuador
- Bali, Indonesia
- Phuket, Thailand
- Seychelles
- Fiji
- Sri Lanka
- Dominica
- Zanzibar, Tanzania
- Golden Isles, Georgia, USA
- Sardinia, Italy
- Skye and the Hebrides, Scotland
- Malta
- Grenada
- Madeira, Portugal
- Azores, Portugal
- Maui, Hawaii
- Sicily, Italy
- Milos, Greece









