උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල යුදෙව් විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන Royal Commission on Antisemitism and Social Cohesion හමුවේ යුදෙව් සිසුන් සහ ආචාර්යවරුන් කිහිපදෙනෙකු තමන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සාක්ෂි ලබාදී තිබෙනවා.

Australian National University හි ඉගෙනුම ලබන යුදෙව් සිසුවියක්, “Liat” යන ව්‍යාජ නාමයෙන් සාක්ෂි දෙමින් පැවසුවේ, 2023 ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයෙන් පසු විශ්ව විද්‍යාල පරිසරය වෙනස් වූ අතර තමන්ට “Baby Killer” සහ “Genocide Supporter” ලෙස අපහාස කළ බවයි.

Banner 01

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, පලස්තීන හිතවාදී විරෝධතා අතරතුර යුදෙව් බව සඟවාගෙන විශ්වවිද්‍යාලයට යාමට සිදු වූ බවත්, මිතුරන් කිහිපදෙනෙකුද තමන් සමඟ සබඳතා නතර කළ බවයි.

Advertisement

එමෙන්ම University of New South Wales හි හිටපු ආචාර්යවරයෙකුද සාක්ෂි දෙමින් පැවසුවේ, දේශනයක් අතරතුර සිසුන් සිව්දෙනෙකු තමන්ට නාසි ආචාරය (Nazi Salute) පෙන්වූ බවත්, ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවයි.

University of Sydney හි හිටපු ආචාර්යවරියක්ද කියා සිටියේ, යුදෙව් සිසුන්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පැමිණිලිවලට විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය ප්‍රමාද වූ බවත්, පැමිණිලි ක්‍රියාවලියද ඉතා අපහසු වූ බවයි.

Advertisement

කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව, මැද පෙරදිග ගැටුමෙන් පසු ඇතැම් විශ්වවිද්‍යාලවල පැවති පලස්තීන හිතවාදී විරෝධතා හේතුවෙන් යුදෙව් සිසුන් සහ කාර්ය මණ්ඩලය අතර අනාරක්ෂිත හැඟීම් වර්ධනය වී ඇති බවද අවධාරණය කෙරුණා.

මෙම රාජකීය කොමිසම ඉදිරි දිනවලදී විශ්වවිද්‍යාලවල ප්‍රතිචාර, වෛරී ක්‍රියා වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ ෆෙඩරල් රජය හඳුන්වාදීමට යන නව නීතිමය ප්‍රමිතීන් පිළිබඳවද වැඩිදුර සාක්ෂි විමර්ශනය කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියා සරසවි සිසුවියක් යුදෙව් විරෝධය ගැන හෙළිකළ සංවේදී සාක්ෂි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom