උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

2026 අගෝස්තු 2 වැනිදා සිට කොළඹ සහ මෙල්බන් අතර සතියකට ක්‍රියාත්මක වන ගුවන් වාර සංඛ්‍යාව 7 සිට 10 දක්වා ඉහළ නංවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය මීට පෙර නිවේදනය කර තිබුණා.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් පුළුල් වන බවයි ප්‍රකාශ කර සිටියේ.

Banner 01

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේ සිට නොවැම්බර් මුල් සතිය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ එම අමතර ගුවන් වාර නොවැම්බර් මස දක්වා අවලංගු කර ඇති බවට, අදාළ ගුවන් ටිකට්පත් මිලදී ගත් මගීන් සහ ඔස්ට්‍රේලියාවේ සංචාරක නියෝජිතයන් කිහිපදෙනෙකු AusLanka TV වෙත තොරතුරු ලබාදී තිබෙනවා.

Advertisement

අවලංගු කිරීම් පිළිබඳ දැනුම්දීම් ලැබුණු ඇතැම් මගීන්ට වෙනත් ගුවන් දිනයක් ලබාගැනීම හෝ මුදල් ආපසු ඉල්ලා සිටීමේ විකල්ප ලබාදී ඇති බවද වාර්තා වනවා.

එහෙත් මුදල් ආපසු ලබාගැනීම සඳහා මාස කිහිපයක් ගතවිය හැකි බවට දැනුම් දී ඇති බවයි ඇතැම් මගීන් පවසන්නේ.

Advertisement

මෙම තත්ත්වය හේතුවෙන් මෙල්බන් සහ සිඩ්නි වැනි ප්‍රධාන නගරවලින් පිටත ජීවත්වන මගීන්ට තවත් ගැටලුවක් මතුව තිබෙනවා.

ටස්මේනියාව, ඇඩිලේඩ් සහ ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාදේශීය නගරවල සිට මෙල්බන් දක්වා වෙනම දේශීය ගුවන් ටිකට්පත් මිලදී ගත් අයට, ජාත්‍යන්තර ගුවන් වාරය අවලංගු වුවහොත් එම දේශීය ටිකට්පත්වල මුදල් අහිමිවීමේ අවදානමක් පවතිනවා.

ජාත්‍යන්තර සහ දේශීය ගුවන් ගමන් එකම booking එකකින් මිලදී ගෙන තිබේ නම් නැවත වෙන්කර දීමක් සිදුවිය හැකි නමුත්, වෙන වෙනම ටිකට්පත් මිලදී ගෙන තිබේ නම් ඒ සඳහා වන්දි හෝ මුදල් ආපසු ලබාදීම අදාළ ගුවන් සේවයේ සහ ටිකට්පතේ කොන්දේසි මත රඳා පවතිනවා.

ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම (ACCC) පවසන්නේ ගුවන් ගමනක් අවලංගු වූ විට මගියාට වෙනත් ගුවන් ගමනක්, මුදල් ආපසු ලබාදීමක් හෝ ඇතැම් අවස්ථාවල වෙනත් ගුවන් සේවයකින් ගමන් කිරීමේ වියදම ආපසු ලබාගැනීමේ අයිතිය තිබිය හැකි නමුත්, එක් එක් සිද්ධිය booking කොන්දේසි සහ අවලංගු කිරීමට හේතුව අනුව සලකා බැලිය යුතු බවයි.

කෙසේ වෙතත්, මෙම අවලංගු කිරීම් පිළිබඳ සම්පූර්ණ නිල නිවේදනයක් ප්‍රසිද්ධියේ තවම හමු නොවූ බැවින්, අගෝස්තු සිට නොවැම්බර් දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කිරීමට නියමිත මගීන් තම booking reference එක භාවිත කර ගුවන් ගමනේ තත්ත්වය වහාම පරීක්ෂා කරන ලෙස උපදෙස් දෙනවා.


උණුසුම් පුවත්

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. AusTV නිල...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අමතර මෙල්බන් ගුවන් වාර කිහිපයක් අවලංගුද? මගීන්ගෙන් පැමිණිලි

Customer Data ජාවාරමක් ගැන Telco සේවකයකුට චෝදනා

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා. NSW Police Financial Crimes

Read More »

ඔස්ට්‍රේලියාවේ කාලගුණය අයහපත් ප්‍රාන්ත දෙකකට අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. Victoria හි ඇතැම් ප්‍රදේශවලට ගංවතුර

Read More »

මෙල්බන් Nightlife ගැන ලෝකෙම කතා වෙයි

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ විනෝදාස්වාදය සම්බන්ධයෙන් ලොව පුරා නගරවාසීන්

Read More »

ඔස්ට්‍රේලියානු Suburbs වෙනස් වෙයි හේතුව මෙන්න

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. විශේෂයෙන් පැරණි නිවාස සහ

Read More »

සරණාගත කෝටාව අඩු කිරීමේ සැලසුම්වලට ලේබර් මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට පළවන වාර්තා හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ

Read More »

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom