Qantas ගුවන් සමාගම විසින් COVID-19 කාලයේදී අවලංගු වූ ගුවන් ගමන් සඳහා ගනුදෙනුකරුවන්ට cash refund වෙනුවට ලබාදුන් travel credits සම්බන්ධව ඇතිවූ නීතිමය නඩුවකට අදාළව ඩොලර් මිලියන 105ක වන්දි යෝජනාවකට එකඟ වී ඇති බව වාර්තා වනවා.
මෙම වන්දි යෝජනාව යටතේ සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන් ලක්ෂ 10කට වැඩි පිරිසකට මේ වන විට ඊමේල් සහ SMS මඟින් නිල දැනුම්දීම් යවමින් සිටින බව සඳහන්.
COVID-19 කාලය තුළ අවලංගු වූ ගුවන් ගමන් සඳහා මුදල් ආපසු ලබාදීම වෙනුවට travel credits නිකුත් කිරීම සම්බන්ධයෙන් ගොනු වූ මෙම නඩුවෙන් Qantas සමාගම වරද පිළිගෙන නොමැති බවට ද වාර්තා වනවා.
මෙම ක්‍රියාවලිය තුළ ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු මුදල් ආපසු ලබාදීම ප්‍රමාද වූ බවත්, ඒ හේතුවෙන් මෙම වන්දි යෝජනාව ඇතිවූ බවත් නඩුකරුවන් පවසනවා.
මෙම වන්දි යෝජනාව අනුව සුදුසුකම් ලබන ගනුදෙනුකරුවන්ට අවම වශයෙන් ඩොලර් 50ක පමණ වන්දි මුදලක් හිමිවිය හැකි බවද සඳහන්.
කෙසේවෙතත් මෙම දැනුම්දීම් සම්බන්ධයෙන් නිල මූලාශ්‍ර පමණක් පරීක්ෂා කරන ලෙස බලධාරීන් ජනතාවට අවවාද කර ඇති බවටයි වාර්තා වන්නේ.









